ඇමති රමේෂ් මඩකලපුව ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මඩකලපුව ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
නැගෙනහිර පළාතේ ඇති එකම ශික්ෂණ රෝහල වන මෙහි වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟයට කඩිනම් විසදුම් ලබාදෙන බවයි රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.
රෝහලේ ගොඩනැගිලි හිඟයට ද විසදුම් ලබාදෙන බව ඒ මහතා ප්‍රකාශ කළා.
රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කලා රංජනි මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වුණා.
මහජන නියෝජිතයන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post ඇමති රමේෂ් මඩකලපුව ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.