සෞඛ්ය ඇමති සහ වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට
සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑ ඇති ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා.
වෛද්‍යවරුන් සදහා වැඩි කළ රුපියල් 35000ක ප්‍රවාහන හා නිර්බාධක දීමනාව හෙවත් ඩැට් දිමනාව තමන්ට ද ලබාදෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකක දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹුණා.
පසුගිය 15 වනදා එම වර්ජනය තාවකාලිකව අවසන් කෙරුණේ වෘත්තිය සමිති වල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ලිඛිතව එකඟතාව පළ කිරීමත් සමගයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග හෙට (19) පෙරවරු 11ට සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ එම සාකච්ඡාව ද අසාර්ථක වුවහොත් හෙට පස්වරුවේ රැස්වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
The post සෞඛ්ය ඇමති සහ වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට appeared first on ITN News.