ගාමිණී ජයවික්රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ
අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්රම පෙරේරා මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවසන් ගෞරව දැක්වූවා.
පන්නල මාහොලව පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති දේහයට දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා.
අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්රම පෙරේරා මහතාගේ දේහය ඒ මහතා පදිංචිව සිටි පන්නල මාහොල නිවසේ තැන්පත් කර තිබෙනවා. එම නිවස වෙත ගිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දේහයට අවසන් ගෞරව දැක්වූවා.
පසුව පවුලේ ඥාතීන් හමුවී අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය ද පළකළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ගාමිණී ජයවික්රම පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව පුදකලා. මේ වනවිටත් දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරු 2 කට පන්නල මහජන ක්‍රීඩාංගනයේ දී සිදුකිරීමට නියමිතයි.
The post ගාමිණී ජයවික්රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ appeared first on ITN News.