අධික හිම පතනය හේතුවෙන් ඉන්දියාවේ කාෂ්මීර් ප්රාන්තයට දැඩි බලපෑම්
අධික හිමපතනය හේතුවෙන් ඉන්දියාවේ කාෂ්මීර් ප්රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
අධික හිමපතනය හේතුවෙන් ජම්මු ශ්‍රී නගර් අධිවේගී මාර්ගය වසා දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රම්බාන් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සිදු වූ නාය යෑම් හේතුවෙන් මාර්ග රැසකට හානි සිදුව ඇති බව ද සඳහන්.
ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින කිහිපයක් ගතවනු ඇති බවට ඉන්දීය රථවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අධික හිමපතනය එම කටයුතුවලට බාධාවක් වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.
The post අධික හිම පතනය හේතුවෙන් ඉන්දියාවේ කාෂ්මීර් ප්රාන්තයට දැඩි බලපෑම් appeared first on ITN News.