මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක්
පසුගියදා සම්මත කෙරුණු ඔන්ලයින් පනතට අනුව යමෙකු සමාජ මාධ්‍යයට මුදාහරින දෙයක් සම්බන්ධයෙන් ඔහු එහි වගකීම භාරගත යුතු වන බව නියෝජ්‍ය පොලිසපති නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසනවා.
මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තරුණ ප්‍රජාව සහ වෘත්තී සමිති නායකයන් දැනුවත් කරන මෙම සම්මන්ත්‍රණය සංවිධාන කළේ ජනාධිපති වෘත්තීය සමිති සබදතා අංශයයි.
ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක් appeared first on ITN News.