How can Sri Lankan charities find international donors and partners?

තවමත් සිංහල බසින් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්රකාශයට පත් කරල නැහැ

- itnnews.lk

සිංහල අතහැර දමන භාෂාවන් ගොඩට තල්ලු කරන්නට දරන උත්සහාය වැලැක්විය යුතු බවත් තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අතහැර දමා තිබෙන භාෂාවන් ගොඩට සිංහල භාෂාව තල්ලු කර දැමීමට දරණ උත්සාහය නවතාලිය යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා කොමිසම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය එක්ව සංවිධානය කළ අන්තර්ජාතික මව් භාෂා දින උත්සවය ඊයේ(21) කොළඹ, පදනම් ආයතනයේදී පැවති අවස්ථාවේදීයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

සිංහල බස උගන්වන්න එසේ නැත්නම් බුදු දහම උගන්වන්න ඉස්සර අපට ලොකු ගොඩනැගිලි තිබුණෙ නැහැ. අද පාසලක් ඇති කරන්න කතා කරන විට බොහෝවිට ඉල්ලන්නේ ගොඩනැගිලි. නමුත් ඩී.බී. ජයතිලක මැතිතුමා සහ ආදී කාලීන නායකයන් පරම විඥානාර්ථ බෞද්ධ සමාගම සමඟ රට පුරා ගමින් ගමට පොල් අතු සෙවිලි කරන ලද කුඩා මණ්ඩපවල සිංහල භාෂාවත්, අධ්‍යාපනයත් පෝෂණය කළා. ඒ කාලෙත් වහිනවා පායනවා. අපේ ජනතාවගේ දරුවන්ට අභියෝග වැඩියි. අපට එදා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඒකට උදව් වුණේ නැහැ. නමුත් අපේ ග්‍රාමීය නායකයන් පරිත්‍යාගයෙන් ඉඩම් දුන්නා. පාසල් ඇති කළා. ඒ සිංහල භාෂාව පෝෂණය කිරීමටයි.

සංඛ්‍යා ලේඛන වලින් පමණක් ජාතියක පැවැත්මක් ඉතුරු වෙන්නෙ නැහැ. කෙටියෙන් මේ වදන් පෝෂණය කරන්න නම් අපි අපේ භාෂාව, මව් භාෂාවන් එලෙස පෝෂණය කොට ආරක්ෂා කොට අඛණ්ඩ පර්යේෂණ වල යෙදෙමින් ඇතිවිය හැකි භයානක තර්ජනයන්ගෙන් මුදවාගෙන ගමන් කළ යුතුයි.

සුදු ආණ්ඩු කාලයේ ඉංග්‍රීසි බසින් තමයි ගම්වැසියන්ගේ පැමිණිල්ලක් පොලිසිය ලියා ගත්තේ. පැමිණිල්ල තමන්ගේ භාෂාවෙන් ලියවුණේ නැහැ. සිංහල සහ දෙමළ රට වැසියා තම තමන්ගේ භාෂාවලින් පැමිණිල්ල කිව්වා. ඒ කාලේ මැලේ රටවැසියන් ප්‍රමාණයකුත් හිටියා. පැමිණිල්ල ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. කොහොම වෙන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන්නේ. සාධාරණත්වයේ නාමයෙන් කතා කරන බොහෝ සමාජයන් වල අපට හිමි සාධාරණත්වය ලබා නොදී ඔවුන් රට පාලනය කළා.

සති දෙකෙන් දෙකට එක් භාෂාවක් මැරෙණ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට නිගමනයකට පැමිණ තිබෙනවා. එසේ නොමැරෙන්න භාෂාවක් නම් මව් භාෂාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සුවිශේෂ යෝජනාව සම්මත කරන්නට ගෙනාවා. රවින්ද්‍රනාත් තාගෝර් බෙංගලි බසෙන් මුළු ඉන්දියාවම නැගිට්ටෙව්වා. සංගීතයෙන් ඉදිරිපත් කළා. වගන්ති වලින් සාහිත්‍යයෙන් ශක්තිමත් කළා. කාලයකට පස්සේ බංග්ලාදේශය වශයෙන් රටක් බිහි වුණා.

අපේ මව් භාෂාව අපි අතහැර දමන භාෂාවන් ගොඩට එලෙස තල්ලු කරන්නට උත්සාහ දරන ක්‍රියාවලියෙන් ආරක්ෂා කර ගැනීම රජයට පමණක් කළ නොහැකි දෙයක්. නමුත් රජයට අනිවාර්ය වගකීම හා බැඳියාව තිබෙනවා තමන්ගේ රටේ ජනතාවගේ අනන්‍යතාවය ආරක්ෂා කරන්නට. අනන්‍යතාවය ආරක්ෂා කරන්නට නම් අනිවාර්යයෙන්ම මව්බස ආරක්ෂා කළ යුතුමයි. මව් බස වටා ගොඩනැගුණු විවිධ ආකාරයේ ක්ෂේත්‍ර ආරක්ෂා කර ගත යුතුයි.

අපි අහලා තියෙන වදන්වල මව් භාෂාව මව් කිරි හා සමානයි. භාෂාව ඒ තරම් වටින ජීවයක් එකතු කරන සාධකයක් බව අප අමතක කළ යුතු නැහැ. එය ස්වෙච්ඡාවෙන් අප විසින් කරන්නා වූ ක්‍රියාවලියක් බවට පත් කිරීමෙන් ඉවත් වී කටයුතු කිරීමට විවිධ නීති රීති හදනවා. ඒවා ක්‍රියාත්මක කරන්නට තිබෙන ඕනෑකම සඳහා වූ ජාතික අවදිවීමක්, ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා. එය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය, උසස් අධ්‍යාපන හා පර්යේෂණය, කේන්ද්‍රස්ථාන හැටියට වඩාත් උනන්දුවෙන් මැදිහත් වන්නේ නම් අගය කරන්නට ඕනේ.

අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී කරුණු කාරණා රැසක් නිවැරදි කර ගැනීමට අදාල දෙපාර්තමේන්තු නිලධාරීන් කැඳෙව්වා. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ඈත පිටිසර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීමට අපි වහා පියවර ගත යුතුයි. එවැනි පියවර එකින් එක අප නොගත්තොත් අපේ මව්බස හුදෙකලා වෙමින් අපේ ජනතාවගෙන් ඈත් වෙන්නට ඉඩ තිබෙනවා. එම ඉඩකඩ අප වෙනස් කරගමු. ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවී කටයුතු කළ සැමදෙනාට ගෞරවය පුද කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන නඩු තීන්දු කතානායකතුමා කියවන්නෙ තාම ඉංග්‍රීසි බසින්. සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරල නැහැ කියලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්වේ. දෙමළ බසිනුත් ප්‍රකාශ කරලා නැහැ කියලා මන්ත්‍රීවරු තවත් පිරිසක් ප්‍රකාශ කළා. අපට ලබාගන්නට තිබෙන ජයග්‍රහණයන් කොයිතරම් දුරද? තව බොහෝ දුරක් තිබෙනවා. එය ඇතිකර ගැනීමේ කාර්යයට තව තවත් කැපවිය යුතු බව මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම පරිවර්තන විද්‍යාගාර ඇති කිරීම, පරිවර්තනය කිරීම සඳහා දැනුම ඇති පරම්පරාවක් විශ්වවිද්‍යාල වලින් හා ඒ හා සම්බන්ධ දෙපාර්තමේන්තුවලින් බිහිකර ගැනීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් තිබෙනවා. අද පරිවර්තකයෝ නැහැ. පරිවර්තකයින් නැති නිසා විශ්‍රාම ගිය පිරිසට සේවා දිගු ලබාදෙන්න වෙලා. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අමාරුම කාර්යය තමයි විශ්‍රාමයෙන් පස්සේ සේවා දිගු ලබා දීම.

මව් භාෂාව ආරක්ෂා කර ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල යෝජනාවෙන් සහ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ගත හැකියි. ඊටත් වඩා අපේම මව්බස සුරක්ෂිත කිරීම සඳහා වූ ක්‍රියාදාමයට විශාල ශක්තියක් හා ධෛර්යයක් බවට පත්කර ගැනීමට මෙම ක්‍රියාවලිය දැවැන්ත ශක්තියක් වනු ඇති.

 

The post තවමත් සිංහල බසින් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්රකාශයට පත් කරල නැහැ appeared first on ITN News.

You may also like

- island.lk

Travis Head and Abhishek Sharma are used to going bang, bang and pretty much killing off games in the first six overs at IPL 2024. But in the first qualifier in Ahmedabad, it was Mitchell Starc who went bang, bang, bang in the powerplay to secure Kolkata Knight Riders’ spot in the IPL final on […]

- adaderana.lk

A derailment between Pothuhera and Kurunegala railway stations has reportedly delayed train services on the main line.

- island.lk

United States of America, the No. 19 ranked cricket team in T20Is, shocked Bangladesh, the ninth ranked team in the world, with a five-wicket victory in Texas. More impressively, the hosts dominated most of the proceedings, as they took a 1-0 lead in the three-match series, picking up their second win against a Full Member […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 22 May 2024 by the Department of Meteorology The Southwest monsoon conditions are gradually establishing over the island; hence, the prevailing showery and windy conditions will continue further. Cloudy skies can be expected over most parts of the island. Showers or thundershowers will occur at times in Western, […]

- adaderana.lk

The Meteorology Department says that Southwest monsoon conditions are gradually establishing over the island and hence the prevailing showery and windy conditions will continue further.

- island.lk

The Army headquarters yesterday (21) announced that at the end of the month-long general amnesty period (April 20 to May 20), 15,667 personnel who were absent without leave had been discharged. They included 373 personnel who were currently overseas, Director General Media and Physiological Operations Maj. Gen. Rasika Kumara said in a statement issued yesterday. […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc