ශ්රී ලංකාවේ PCB වලට කරන්න යන දේ
දිගුකල් පවත්නා කාබනික දූෂකයක් ලෙසත් ඉහළමපෙළේ පිළිකාකාරකයක් ලෙසත් හඳුනාගෙන ඇති පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) මගින් පරිසරයට හා මිනිසා ඇතුළු සත්ව ප්‍රජාවගේ සෞඛ්‍යයට වන අයහපත් බලපෑම සැලකිල්ලට ගනිමින් දිගුකල් පවත්නා කාබනික දූෂක පිළිබඳ වූ ස්ටොක්හෝම් සම්මුතිය විසින් පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව PCB භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා පරිසර අමාත්‍යාංශය සක්‍රීයව ක්‍රියාත්මක වන අතර මේ සඳහා ගෝලීය පරිසර පහසුතම (gef) මූල්‍යමය දායකත්වය දක්වන අතර එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මගින් තාක්ෂණික සහයෝගය ලබා දෙන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) හා ගෝලීය පරිසර පහසුතම (gef) සමග එක්ව පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවේ උපයෝගීතා ක්ෂේත්‍රය තුළ පරිසර හිතකාමී ලෙස පොලික්ලෝරිනේටඩ් බයිෆීනයිල් (PCB) කළමණාකරණය පිළිබද අවසන් වැඩමුළුව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමණාකාරිනී ආචාර්ය කාමෙලා සෙන්ටෙනො (Dr. Carmela Centeno) මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වී තිබෙනවා.
2015 දී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4.725 ක් ගෝලීය පරිසර පහසුතම (gef) විසින් ලබාදී තිබෙනවා
මෙම ව්‍යාපෘතිය මගින් ලංකාවේ ඉහළම PCB භාවිතයක් සිදුවන විදුලි ට්‍රාන්ස්ෆෝමර් හා වෙල්ඩින් යන්ත්‍ර වල පිරිසිදු PCB භාවිතය 100% ලෙස ඉවත් කිරීමට සමත් වී ඇති අතර එමගින් ඉවත් කළ PCB ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22ක්.
එසේම තවත් මිශ්‍ර PCB මෙට්‍රික් ටොන් 178.2 ද භාවිතයෙන් ඉවත් කිරීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබෙනවා.
ලංකාවේ සිදුකළ මෙම PCB කළමණාකරණ ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) ව්‍යාපෘති කළමණාකාරිනී ආචාර්ය කාමෙලා සෙන්ටෙනො (Dr. Carmela Centeno) මහත්මියගේ විශේෂ ඇගයීමකට ලක් වී තිබෙනවා.
The post ශ්රී ලංකාවේ PCB වලට කරන්න යන දේ appeared first on ITN News.