ඇමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 1750ක ඖෂධ නොමිලේ
ඇමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 1750ක ඖෂධ නොමිලේ ලබාදුන්නා.
වේදනා නාශක හා ප්‍රතිජීවක ඇතුළු ඖෂධ රැසක් මෙයට ඇතුළත්.
කිරිදෙන මව්වරුන්ට හා අඩු පෝෂණයෙන් යුක්ත මව්වරුන්ට අවශ්‍ය කෙරෙන අතිරේක පෝෂණ ද මෙසේ ලැබී තිබෙනවා. ප්‍රමිතියෙන් ඉහල මිල අධික ඖෂධ මෙසේ පරිත්‍යාග කර තිබෙනවා.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව එරට ආයතන තුනක් එක්වයි මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබෙන්නේ. වෛද්‍ය උපකරණ තොගයක්ද ඊට ඇතුළත්.
මෙරට ආර්ථිකය කඩා වැටී තිබියදී ද මෙසේ පරිත්‍යාග ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකාවට පිරිනැමුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට නොමිලේ ලබා දීමටයි පියවර ගෙන තිබෙන්නේ.
The post ඇමෙරිකාවෙන් මෙරටට රුපියල් කෝටි 1750ක ඖෂධ නොමිලේ appeared first on ITN News.