මෙක්සිකෝවේ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට
මෙක්සිකෝවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
උතුරුමැද මෙක්සිකෝවේ සැන් ලුවිස් පොටෝසි ප්‍රාන්තයේ දී වෑන් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙකුට ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මියගිය පිරිස අතරට කාන්තාවන් පස් දෙනෙකු , පිරිමි පුද්ගලයෙකු හා කුඩා දරුවන් 4 දෙනෙකු ඇතුළත්.
තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පසුගිය වසර කිහිපය තුළදී මෙක්සිකෝවේ රිය අනතුරු ඉහළ යාමක් දක්නට ලැබෙන අතර 2022 වසරේ දී එරට සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 377,000කට අධිකයි.
The post මෙක්සිකෝවේ රිය අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.