කැලණියේ මහා ශිෂ්ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූ නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන්.
ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අද (26) දින ඔහුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post කැලණියේ මහා ශිෂ්ය සංගමයේ කැඳවුම්කරු CID අත්අඩංගුවට appeared first on ITN News.