ගිණිකෙළි කම්හලක ගින්නක් – තිදෙනෙක් රෝහලේ
කටාන පොලිස් වසමේ කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ(26) සවස ඇති වූ මෙම ගින්නෙක් වයස අවුරුදු 17, 21 සහ 32 වියෙහි පසුවන එහි සේවකයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
ඔවුන් මීගමුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා
අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.
The post ගිණිකෙළි කම්හලක ගින්නක් – තිදෙනෙක් රෝහලේ appeared first on ITN News.