ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයක් ?
ලබන සඳුදා දිනය වන විට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයකට එළඹිය හැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විශ්වාසය පළ කරනවා.
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සිදුකෙරෙන්නේ කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන්.
බටහිර රටවල් කිහිපයක නියෝජිතයින් ද ඊට සහභාගී වි සිටිනවා.
සටන් විරාම එකගතාවයකට එළඹිමට නුදුරේදිම හැකියාව ලැබෙනු ඇති බවට එහි සිටින ඇමෙරිකා නියෝජිතයා තමන්ට පැවසු බවයි ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ.
සටන් විරාම කාලය තුල දී හමාස් සංවිධානය භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ද සිදුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වු අතර ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 30000කට ආසන්න සංඛ්‍යාවක් ජිවිත්කෂයට පත්වුණා.
60000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
The post ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයක් ? appeared first on ITN News.