උද්ධික වෙනුවට එන මන්ත්රී
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.
උද්ධික ප්‍රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
උද්ධික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්.සී. මුතුකුමාරණ මහතා පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත බව සඳහන්.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව අනුමත කිරීමෙන් පසු එස්.සී. මුතුකුමාරණ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට නියමිතයි.
The post උද්ධික වෙනුවට එන මන්ත්රී appeared first on ITN News.