පුද්ගල ඝාතනයකට අදාළ සැකකරුවෙක් වෙඩි හුවමාරුවකදී මියයයි
මහබාගේ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී එම සැකකරු මිය ගොස් තිබෙනවා.
මහබාගේ ප්‍රදේශයේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පළා ගියේ පසුගිය 21ක් වනදායි.
එම ඝාතනය සඳහා වෙඩික්කරු සමඟ පැමිණි යතුරු පැදිකරු සූරිය වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් සිදුකළා.
එහිදි එම පුද්ගලයා සහ විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එහිදි සැකකරු මිය ගොස් තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින නිපුන නැමැත්තාගේ මෙහෙයවීමෙන් මහබාගේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
The post පුද්ගල ඝාතනයකට අදාළ සැකකරුවෙක් වෙඩි හුවමාරුවකදී මියයයි appeared first on ITN News.