මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්
මහනුවර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අසල නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.
විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ සිටම මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පෝලිම්වල රැදී සිටිනවා.
පසුව තවත් පිරිසක් එම පෝලිමට එකතු වීමත් සමගයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගැනුණේ.
තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය ද කැදවා තිබෙනවා.
සෑම දිනකම පාහේ මෙම කාර්යාලය අසල මෙවැනි තත්ත්වයක් දැකගත හැකි බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.
කෙසේ වුවද මෙම ගැටලුවට විසදුම් ලබාදීමට පියවරක් ගෙන නැති බවට සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව ප්‍රකාශ කරනවා.
දුර පළාත්වල සිට පැමිණි බොහෝ දෙනෙකු මේ හේතුවෙන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටිනවා.
The post මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.