ආසියාවේ පළමු හරිත අනුස්මරණ රෝහලේ පුහුණුව ලැබු හෙද හෙදියන් වෙනුවෙන් සහතික පත්
යාපනයේ පිහිටි ආසියාවේ පළමු හරිත අනුස්මරණ රෝහලේ පුහුණුව ලැබු හෙද හෙදියන් වෙනුවෙන් සහතික පත් ප්‍රදානය සිදු කෙරුණා.
ඒ උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මියගේ ප්‍රදානත්වයෙන්.
උතුරේ තරුණ තරුණියන්ට අවශ්‍ය වෘත්තිය පුහුණුව විධිමත්ව ලබාදීම අරමුණු කරගනිමින් මෙම හරිත අනුස්මරණ රෝහල ඉදිකෙරුණා.
එම රෝහලේ වෛද්‍ය විද්‍යා ආයතනයේ පුහුණු වු හෙදියන් සහ වෛද්‍ය සහයකයින් සඳහා සහතික පත්, නිල ඇඳුම් ප්‍රදානය කිරීම සිදු කෙරුණා.
උතුරේ තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණුව ලබාදීම ඉතා කාලෝචිත බවත් එමගින් උතුරේ තරුණ තරුණියන්ගේ අනාගත ගැටලු රැසකට විසඳුම් ලබාදිය හැකි බවත් උත්සව අවස්ථාවට සහභාගී වු උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය සඳහන් කළා.
The post ආසියාවේ පළමු හරිත අනුස්මරණ රෝහලේ පුහුණුව ලැබු හෙද හෙදියන් වෙනුවෙන් සහතික පත් appeared first on ITN News.