ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් ක්රීඩා ඇමති හමු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්‍රීඩකයින් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සංචාරක අමාත්‍යංශයේ දී ඊයේ පැවැත්වුණා.
මේ සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, තේරීම් කමිටු සභාපති උපුල් තරංග යන මහත්වරුන් ද එක්ව සිටියා.
නවීන තරග රටාවලට ගැලපෙන පරිදි ක්‍රීඩකයින් සූදානම් කිරීම, නව මාදිලියේ පුහුණුවීම් සහ මානසික ඒකාග්‍රතාවය යන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරුණා.
The post ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් ක්රීඩා ඇමති හමු වෙයි appeared first on ITN News.