බිරිඳගෙන් වෙන්වී මව සමඟ ජීවත්වූ සැමියා සැකකටයුතු ලෙස මිය යයි
දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී පොලීසියට ලැබුණු තොරතුරක් මතයි පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ.
45 හැවිරිදි මරණකරු විවාහක පුද්ගලයෙක් බවත් ඔහු බිරිඳගෙන් වෙන්වී සිය මව සමඟ නිවසේ ජීවත්වී ඇති බවත් පොලීසිය ප්‍රකාශ කළා.
මව නිවසේ නොමැති අවස්ථාවකයි එම පුද්ගලයා සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙන්නේ.
The post බිරිඳගෙන් වෙන්වී මව සමඟ ජීවත්වූ සැමියා සැකකටයුතු ලෙස මිය යයි appeared first on ITN News.