පැරණි ගොඩනැගිල්ලක කොන්ක්රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි
මහරගම හයිලෙවල් පාරේ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
අදාළ අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයන් කීපදෙනෙකු එක්ව පැරණි ගොඩනැගිල්ලක ජනේලයක් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක හෝමාගම ගැමුණු මාවතේ පදිංචිකරුවෙක්.
The post පැරණි ගොඩනැගිල්ලක කොන්ක්රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි appeared first on ITN News.