පුද්ගලයින් රැසකගේ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම අනිවාර්ය කෙරේ
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 80 වන වගන්තිය අනුව පුද්ගලයන් රැසකගේ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක පිරිස් මෙසේ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම අනිවාර්ය වනවා.
මේ අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය ඇතුලත් චක්‍රලේඛය මෙන්ම වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ආකෘතියේ සංශෝධන කිහිපයක් ද සිදු කර තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් බාගත කළ හැකි වනවා.
The post පුද්ගලයින් රැසකගේ වත්කම් හා බැරකම් ප්රකාශ කිරීම අනිවාර්ය කෙරේ appeared first on ITN News.