මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් අවදානමකට ලක් වෙලා ඉන්නවා
කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක රෝෂන් කුමාර විතානච්චි මහතාගේ අවසන් කටයුතු ඇල්පිටිය පොදු සුසාන භූමියේදී ඊයේ සිදු කෙරුණා.
දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටියා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික මෙන්ම භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ විතානච්චි මහතා අපරාධකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා.
The post මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් අවදානමකට ලක් වෙලා ඉන්නවා appeared first on ITN News.