හෝමාගම වෙනිවැල්කොළ පාසල් මාවත ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි
මෙම වසරේ දී මාර්ග කිලෝ මීටර 1500ක් ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය යටතේ හෝමාගම වෙනිවැල්කොළ පාසල් මාවත ඉදිකිරීමේ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කෙරුණා.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මාර්ග කිලෝ මීටර 1500ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.
පළමු අදියර යටතේ කිලෝ මීටර 500ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිතයි.
පසුගිය කාලයේ නතර වී තිබු සංවර්ධන ව්‍යාපෘති දැන් යළි ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ.
ඓතිහාසික පොලොන්නරුව පූජා භූමියේ පිහිටි ගල් විහාරවාසි භික්ෂුන් වහන්සේගේ ආවසයට ගමන් කරන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ කෙරුණා.
ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 9ක මුදලක් වැයකෙරෙනවා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුලු පිරිසක් සහභාගී වුණා.
The post හෝමාගම වෙනිවැල්කොළ පාසල් මාවත ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.