සිරිපා වන්දනාවේ ගිය කාන්තාවක් අතුරුදන් – සොයා ගැනීමට මහජන සහාය පතයි
සිරිපා වන්දනාවේ ගිය කාන්තාවක අතුරුදන්ව සිටින අතර ඇය සොයා ගැනීමට පවුලේ සාමාජිකයන් මහජන සහාය පතනවා.
මැල්සිරිපුර ප්‍රදේශයේ සිට පසුගිය 23 වනදා සිරිපා වන්දනාවේ ගිය බී ඩී මෙසෝ නෝනා නැමැති 79 හැවිරිදි කාන්තාවකුයි මෙලෙස අතුරුදන්ව සිටින්නේ.
ඉදිකටුපාන ප්‍රදේශයේ අධික තදබදයත් සමඟ ඇය වන්දනා නඩයෙන් මගහැරී ගොස් ඇති බවයි ඥාතීන් පවසන්නේ.
එදා සිට මේ දක්වා සොයා බැලුව ද ඇය පිළිබඳ තොරතුරක් ලැබී නැති බව ද ඔවුන් සඳහන් කරනවා.
ඇය අවසන් වරට සුදුරෙද්දක් , හැට්ටයක් සහ රෝස පැහැති ජර්සියක් ඇද සිට ඇත.
මේ පිළිබඳව අවට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ.
The post සිරිපා වන්දනාවේ ගිය කාන්තාවක් අතුරුදන් – සොයා ගැනීමට මහජන සහාය පතයි appeared first on ITN News.