මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ කුඩා දරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ කුඩා දරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මරණයට පත්වු එම කුඩා දරුවන් 6 දෙනා ගාසා තිරයේ කමල් අද්වාන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.
ඉන්ධන නොමැති විම හේතුවෙන් එම රෝහල සම්පුර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයට පත්විමත් සමඟ ප්‍රතිකාර ලබමින් සිටි මෙම දරුවන් ජිවිතක්ෂයට පත්වුණා.
එම රෝහලේ ප්‍රතිකාර ලබන තවත් දරුවන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයට අවශ්‍ය මානුෂිය ආධාර සපයා ගැනීමට නොහැකි විම මෙම අර්බුදකාරී තත්ත්වයට හේතුවි තිබෙනවා.
මන්දපෝෂනය හා විජලනය හේතුවෙන් ඉදිරි කාලයේ දී තවත් දරුවන් දහස් ගණනක් මිය යනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
ගාසා තිරයේ ලක්ෂ 5කට අධික පිරිසක් මේ වන විට සාගතයකට මුහුණ දී සිටින අතර මිලියන දෙකක අධික පිරිසකට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.
The post මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ කුඩා දරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.