නව පොලිස්පති ජනපති හමුවෙයි
නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.
මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා මෙලෙස ජනාධිපතිවරයා හමු වුණා.
නව පොලිස්පතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සමඟ සුහද කථා බහකට ද එක්වුණා.
නව පොලිස්පතිවරයා විසින් සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරුණා.
The post නව පොලිස්පති ජනපති හමුවෙයි appeared first on ITN News.