තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙලිය ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කරයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද යළි ඉදිරිපත් කෙරුණා.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගැනුනේ පසුගිය දෙවනදායි.
අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණා.
මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැදවු අවස්ථාවේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් අධිකරණය හමුවට යළි ඉදිරිපත් කෙරුණා.
හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඖෂධ සැපයුම්කරු සුදත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්තී සොලමන්, ගණකාධිකාරී සැපයුම් නෙරාන් ධනංජය, යන අය මෙහි සෙසු සැකකරුවන් වනවා.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සම්ක් ගොනුකළා.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් යොමුකර ඇති එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුලු පිරිසක් නම්කර තිබෙනවා.
සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් අයකර දෙන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.
පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහින නීතිමය පියවර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා.
The post තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙලිය ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසකම් පෙත්සමක් ගොනු කරයි appeared first on ITN News.