රට රැකියාවකට ජපානයට යන්න කැමතිද?
ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ සේවා අංශයේ රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉල්ලුමක් ලැබී ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
ජපානයේ රැකියා සදහා තෝරාගැනීමේ පරික්ෂණ ජුනි මාසයේදී ආරම්භ කෙරෙනවා.
අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජපානයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම රැකියා අවස්ථා හිමි වී තිබෙන්නේ.
අමාත්‍යවරයා හා ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.
එන්4 මට්ටමේ ජපාන භාෂා ප්‍රවීණතාව ලබාගත් අයට එස්.එස්.ඩබ්ලිව් කාණ්ඩය යටතේ මෙම රැකියා සදහා සුදුසුකම් ලබනවා.
සුදුස්සන් තෝරාගැනීමේ පරික්ෂණයේදී ලිඛිත මෙන්ම ප්‍රායෝගික පරික්ෂණයක් පැවැත්වීමද විශේෂත්වයක්.
The post රට රැකියාවකට ජපානයට යන්න කැමතිද? appeared first on ITN News.