සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට තීරණයක්
පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.
ඒ පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙනයි.
එහි එක් පියවරක් ලෙස තෝරාගත් පෙළපොත් ඛාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විට අවශ්‍යය පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
තවද සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස්කර ඇති වැඩපොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පති සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවද එම නිවේදනයේ ඇතුලත්.
එම ක්‍රියාමාර්ග සහ අදාළ නිවේදනය පහතින්.
The post සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට තීරණයක් appeared first on ITN News.