රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම් මගේ දේශපාලන කටයුතුවලට පන්නරයක් වී තිබෙනවා
කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මෙල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති රොනී ද මෙල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමින්.
රොනී ද මෙල් මහතාගේ අවසන් කැමැත්තට අනුව මෙම අවමංගල්‍ය කටයුතු සංවිධානය කර තිබිණි.
රුහුණු විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ තැන්පත් කර තිබූ දේහය අවමංගල්‍යය රථ පෙරහරකින් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ වුණා.
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා විසින් අවමංල්‍ය සභාවේ පිළිගැනීමේ කතාව සිදු කළා.
දෙවිනුවර පරම විචිත්‍රාරාම විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමිපාණන් වහන්සේ විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උපකුලපති, වැලිගම අග්‍රබෝධි විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මිදිගම ශ්‍රී සෝරත මාහිමිපාණන් වහන්සේ, කෝට්ටගොඩ සුදර්ශන බිම්බ මහා විහාරාධිපති පූජ්‍ය ගොඩැල්ලේවෙල රතනානන්ද අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත කරතොට පඤ්ඤාසීල නායක හිමිපණන් වහන්සේ විසින් පැවිදි අනුශාසනා සිදු කළා.
The post රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම් මගේ දේශපාලන කටයුතුවලට පන්නරයක් වී තිබෙනවා appeared first on ITN News.