රයිගම් නිර්දේශිත නාම අතරත් ITN ඉදිරියෙන්
මෙවරද රයිගම් සම්මාන උළෙල උත්කර්ෂවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.
සම්මාන ලබා ගැනීම සඳහා නිර්දේශිත නාමයන් ඊයේ ප්‍රසිද්ධියට පත් කෙරුනා.
මෙවරත් සම්මාන උළෙල වර්ණවත් වන්නේ සම්මාන කාණ්ඩ කිහිපයක් යටතේයි.
ඒ අතරට ප්‍රණාම ,ටෙලි නාට්‍ය විශිෂ්ඨතා , මාධ්‍ය විශිෂ්ඨතා , ජූරියේ ඇගයීම් , ජනප්‍රිය , වඩාත් ජනගත ,සම්මාන ඇතුළු වසරේ සම්මානනීය නාලිකාව ආදී කාණ්ඩ ඒ අතරට ඇතුළත්.
ජනප්‍රිය සම්මාන සදහා වන ප්‍රේක්ෂක මත විමසුම ,ජනගත සම්මාන සමීක්ෂණය සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලු ජනමාධ්‍ය ඔස්සේ කරන කතා බහ ආදිය පිළිබද මාසයක් පුරා ජන විමසුමක් සිදු කෙරෙනවා.
සම්මාන සඳහා නිර්දේශිත නාමයන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී සිරී රණසිංහ මහතායි.
රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
2023 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ටෙලි නාට්‍ය විශිෂ්ඨතා සම්මාන කාණ්ඩයේ නිර්දේශිත නාම අතර සමස්ථ සම්මාන විස්සෙන් පූර්ණ ලෙස හතකට නිර්දේශ වීමට ස්වාධීන රූපවාහිනියට ඊයේ හැකියාව ලැබුණා.
ඒ,
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය තිර රචනය
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය නළුවා
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය නිලිය
- වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සහාය නලුවා
- වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිලිය යන කාණ්ඩ සදහායි.
එමෙන්ම වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය අංග රචනය වෙනුවෙන් එයා දැන් බැදලා සහ ජීවිතයේ එක් දවසක් ටෙලි නාට්‍ය නිර්දේශ වී තිබුණා.
වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් කොඩිගහයට ටෙලි නාට්‍ය සහ එයා දැන් බැදලා ටෙලි නාට්‍ය නිර්දේශ වී තිබිම විශේෂත්වයක්.
වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගත කිරිම වෙනුවෙන් ජීවිතයේ එක් දවසක් ටෙලි නාට්‍ය සහ එයා දැන් බැදලා ටෙලි නාට්‍ය නිර්දේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය කැමරාකරණය වෙනුවෙන් ජීවිතයේ එක් දවසක් ටෙලි සහ එයා දැන් බැදලා ටෙලි නාට්‍ය නිර්දේශවුණා.
එයා දැන් බැදලා ටෙලි නාට්‍ය සහ කොඩිගහයට ටෙලි නාට්‍ය ,වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය සංස්කරණය සඳහා නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය ,එයා දැන් බැදලා ටෙලි නාට්‍යය සහ ජීවිතයේ එක් දවසක් ටෙලි නාට්‍ය වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත රචනය සඳහා කොඩි ගහ යට නාට්‍යයේ ගීත දෙකක් සහ එයා දැන් බැදලා ටෙලි නාට්‍යයේ ගීතයක් නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත ගායකයා සඳහා වන නිර්දේශිත නාම අතරට කොඩිගහ යට නිර්දේශ වුණා.
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා සඳහා වන නාම අතරට කොඩි ගහ යට ද එක්වුණා.
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය සඳහා මුරුගසන් ,හියුමන් එරස් හා ෆෝචූන් රෙසිඩන්සි ටෙලි නාට්‍යයන් නිර්දේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ඨතම ඒකාංගික ටෙලි නාට්‍ය ගැස්සෙන හුස්ම ඒකාංගික ටෙලි නාට්‍ය වෙනුවෙන් නිර්දේශ වුණා.
2023 වසර සඳහා වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ මාධ්‍ය විශිෂ්ඨතා සම්මාන කාණ්ඩ 19 අතුරින් 6කමට නිර්දේශ වීමට ස්වාධීන රූපවාහිනියට හැකියාව ලැබුණා.
ඒ අනුව වසරේ විශිෂ්ඨතම රූපවාහිනී සංගීත වැඩසටහ සඳහා නුරාවිත් කවරස් ක්ලබ් වෙනුවෙන් චලනි සිරිවර්ධන නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල අංශය සඳහා ස්වාධීන රූපවාහිනියේ නජිත් මාතරගේ නිර්දේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක, නිවේදිකා, දමිල අංශයෙන් වසන්තම් ටීවී හි මොහොමඩ් මුනාස් මොහොමඩ් හස්ලි නිදේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී සම්ප්‍රේවේෂක සිංහල වෙනුවෙන් සහන් තාරුක උඩුව විදාන නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනී සම්ප්‍රේවේෂක දමිල අංශය වෙනුවෙන් වසන්තම් ටීවී හි එම් එස් එම් ඉර්ෆාන් නිදේශ වී තිබෙනවා.
මීට අමතරව ටෙලි නාට්‍ය කුලකය සහ ප්‍රවෘත්ති කුලකය සදහා නිර්දේශිත වූ නාම වෙනුවෙන් සංකේතාත්මකව කිහිප දෙනෙකුට පමණක් මෙහිදී සහතික පත්‍ර පිරිනැමුණා.
විචිත්‍රාංග රැසකින් මෙම උත්සවය වර්ණවත් වී තිබුනා.
The post රයිගම් නිර්දේශිත නාම අතරත් ITN ඉදිරියෙන් appeared first on ITN News.