නොච්චියාගම හා මීගමුව ප්රදේශවලින් සැකකටයුතු මරණ 2ක්
නොච්චියාගම හා මීගමුව ප්රදේශවලින් සැකකටයුතු මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
නොච්චියාගම පන්වැව ප්‍රදේශයේ කුඹුරුක ඇති වලක් තුළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගල සිරුරක් පොලිසිය සොයා ගත්තා.
මෙසේ මිය ගොස් ඇත්තේ නොච්චියාගම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
කුඹුරේ ඇති පැලට ගිය මොහු යළි නිවසට නොපැමිඹී හේතුවෙන් බිරිද කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ෂණවලදී සිරුර සොයා ගැනුනා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර මීගමුව කාමච්චෝඩය පොළ භූමියේ තිබි නාදුනන පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.
The post නොච්චියාගම හා මීගමුව ප්රදේශවලින් සැකකටයුතු මරණ 2ක් appeared first on ITN News.