දිඹුලාගල දම්මින්න මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹෙයි
මහා මාර්ග කිලෝමීටර 1500ක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ දිඹුලාගල දම්මින්න මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.
වසර ගණනාවක් පුරා අබලන්ව පැවති මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රදානත්වයෙන්.
මේ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 15ක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳ ප්‍රදේශවාසින් රජයට තම ස්තූතිය පළ කළා.
The post දිඹුලාගල දම්මින්න මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹෙයි appeared first on ITN News.