How can Sri Lankan charities find international donors and partners?

අභියෝග හරහා ව්යාපාරය මෙහෙයවීමේදී ව්යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්රයෝජනයට...

- itnnews.lk

අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා

ඒ මහතා මේ බව කියා සිටියේ ඇමරිකානු වරලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (AICPA) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) 2024 උපාධි ප්‍රදානෝත්සවයට එක වෙමින්.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –

පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සේවය සඳහා ඔබගේ සහයෝගය අවශ්‍යයි. අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගන්න. ඉහළ පිළිගැනීමක් ඇති CIMA සුදුසුකමකින් සන්නද්ධ තරුණ පිරිසක් වෘත්තීය ලෝකයට පිවිසෙන මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම සතුටක්. ක්‍රමවත් විගණනය තුළින් උපරිම ඵල නෙළාගත හැකි බව ඔබේ අධ්‍යනයන්ට ඇතුළත්.

මීට වසර 40 කට පෙර එක්සත් රාජධානියේ ආධාර ඇතිව ඉදි කරන ලද අපේ රටේ වික්ටෝරියා ජලාශය පිළිබඳ විශේෂයෙන් මතක් කිරීමට කැමතියි. එය දශක 3කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ මිල අධිකම ව්‍යාපෘතියයි. අද වාරි විශේෂඥයින් අවධාරණය කරන්නේ වික්ටෝරියා ජලාශයේ වත්මන් ධාරිතාව 80% ට වඩා අඩු බවයි. එයින් අදහස් වන්නේ 20% අප විසින් ඌන ප්‍රයෝජනයට ලක්කර ඇති බවයි. එයින් පෙන්නුම් කරන්නේ ජල විදුලියේ ධාරිතාව 20% කින් සහ ජල කාර්ය සාධනය 20% කින් අඩු වී ඇති බවයි. නමුත් ප්‍රශ්නය වන්නේ විදුලිය නිෂ්පාදනයෙන් 20% අඩුවීම වෙනුවට විකල්පය කුමක් ද යන්නයි. ආර්ථික, පාරිසරික, තිරසාර බව යන අංශයන්හි බරපතළ ලෙස විගණන නොමැතිකම අවධාරණය කළ යුතුයි. මෙය එක් උදාහරණයක් පමණයි.

එක්සත් රාජධානියට පසුව, ලෝකයේ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන් ලෙස (CGMA) සුදුසුකම් ලත් සාමාජිකයින් සහ සිසුන්ගේ දෙවන විශාලතම ප්‍රජාවට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනවා. එය සැබැවින්ම සාඩම්බර ජයග්‍රහණයක්. වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරුන් (CGMAs) ලෙස හඳුන්වන CIMA සාමාජිකයින් පුද්ගලික හෝ රාජ්‍ය අංශයේ ආයතනවලට වටිනාකමක් එක් කිරීම හේතුවෙන් සේවා යෝජකයින් සහ සාමාන්‍ය ජනතාව අතර මහත් ගෞරවයට පාත්‍ර වී සිටිනවා.

2048 වන විට ප්‍රගතිශීලී ආර්ථික ප්‍රගතියක් තුළින් අපගේ පුරවැසියන්ට සමෘද්ධිය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අපගේ රජයට සැළසුමක් තිබෙනවා. නිර්මාණාත්මක හැකියාව හා මානව ප්‍රාග්ධනය වර්ධනය වීමත් සමඟ අපේ නිදහසේ 100 වැනි සංවත්සරය වන විට අපේ ආර්ථිකය පොහොසත් රටක තත්ත්වයට ඉහළ නැංවීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා.

ඔබ හදාරා ඇති විෂය නිර්දේශය වඩාත් සංකීර්ණ හා ලොව ඉහළ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයක්. CIMA ප්‍රජාවට සම්බන්ධ වූවන් අනාගතයේ ව්‍යාපාරික නායකයින් බවට පත්වීමේ හැකියාව ඇති පළමු පන්තියේ මූළ්‍ය සහ ව්‍යාපාරික වෘත්තිකයන් බව ඔප්පු කර තිබෙනවා.

ඔබ අපේ ජාතියේ අභිමානයයි. ප්‍රගතිය කරා ගමන් කරන මාවතේ අභියෝග සහ බාධක ජය ගැනීමට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඔබේ දක්ෂතා අවශ්‍යයි. මූළ්‍ය අර්බුදයේ සිට භූ දේශපාලන කැළඹීම් දක්වා ශ්‍රී ලංකාව සඳහා තිරසාර හා ප්‍රගතිශීලී අනාගතයක් නිර්මාණය කිරීමට අපට හැකියාව ලබා දෙන්නේ ඔබයි.

වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන් විසින් එළි දක්වනු ලබන අද්විතීය කුසලතා සහ තීකෂණ බුද්ධිය ව්‍යාපාර ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති බව ලොව පුරා ව්‍යාප්තව ඇති සංවිධාන හඳුනාගෙන තිබෙනවා. ඔබේ සාමාජිකයින් ගෝලීය ප්‍රමිතීන්ට සමගාමීව කටයුතු කරනු ලබන හොඳම කළමනාකරණ ගණකාධිකාරීවරුන් පමණක් නොව, ව්‍යාපාර දිගුකාලීනව සමෘද්ධිමත් වීමට අත්‍යවශ්‍ය වන අඛණ්ඩතාවයට අනුකූලව කටයුතු කරනවා.

වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී-සභාපති,ජාත්‍යන්තර සහතිකලත් ගණකාධිකාරී වෘත්තිකයින්ගේ සංගමයේ සම සභාපති, සාරා ගොෂ්, සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී සාමාජික (එක්සත් රාජධානිය), වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී හිටපු සභාපති මෙලනි කනකා, AICPA සහ CIMA හි මෙරට කළමනාකාරිනී සහරා අන්සාරි, උපාධිධාරීන්, මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post අභියෝග හරහා ව්යාපාරය මෙහෙයවීමේදී ව්යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්රයෝජනයට ගන්න – අගමැති appeared first on ITN News.

You may also like

- onlanka.com

The Economic Transformation Bill and the Public Financial Management Bill were presented to the Sri Lankan Parliament today (May 22).The post Economic Transformation and Public Financial Management bills tabled in Sri Lankan Parliament appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

A 47-year-old Filipino woman was arrested at Bandaranaike International Airport (BIA) in Katunayake for attempting to smuggle over 2 kg of cocaine worth Rs. 200 million into Sri Lanka.The post Filipino Woman Arrested at BIA for Smuggling Rs. 200 Million Worth of Cocaine appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

According to Reuters, more than 140 passengers and crew from a Singapore Airlines flight that experienced severe turbulence, resulting in dozens of injuries and one death, finally arrived in Singapore on a relief flight Wednesday morning after making an emergency landing in Bangkok.The post Singapore Airlines flight diverts after severe turbulence leaves one dead, dozens injured appeared first on ...

- onlanka.com

Sri Lanka's consumer price inflation rose to 2.7% in April from 2.5% in March, according to official data released on Tuesday, as reported by Reuters.The post Sri Lanka’s April inflation climbs to 2.7%, up from March’s 2.5% appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Ministry of Foreign Affairs of Sri Lanka has strongly rejected the recent statement by Canadian Prime Minister Justin Trudeau, who accused Sri Lanka of committing "genocide" in a message dated May 18, 2024.The post Sri Lanka rejects Canadian Prime Minister’s genocide allegation appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

Sri Lanka's Samitha Dulan set a new world record in the Men's Javelin Throw F44 category at the Kobe 2024 Para Athletics World Championships.The post Samitha Dulan sets World Record and wins Silver at Kobe 2024 Para Athletics Championships appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc