ගාසා ජනතාවට අත්යවශ්ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සති අන්තයේදී
ගාසා ජනතාවට අත්යවශ්ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සති අන්තයේදී ගාසා තීරය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.
ස්පාඤ්ඤයට අයත් මෙම නෞකාව ගාසා තීරයට ආසන්නම යුරෝපා සංගමයේ රට වන සයිප්‍රසයෙන් පිටත් වීමට නියමිත අතර එය අලුතින් විවෘත කරන ලද නැව් මාර්ගයක් භාවිතා කරන බවද සඳහන්.
ක්‍රියායාකාරී වරායක් නොමැතිව සහ නොගැඹුරු ජලයේ නෞකාව ගාසා තීරයට ළඟා වන්නේ කෙසේද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ ජනගහනයෙන් හතරෙන් එකක් සාගතයේ අභිමුව සිටින අතර ළමයින් කුසගින්නෙන් මිය යන බවයි.
ඉදිරි දින කිහිපය තුළදී අදාල නෞකාව ගාසා තීරයට ළඟා වීමට නියමිතයි.
The post ගාසා ජනතාවට අත්යවශ්ය මානුෂීය ආධාර රැගත් නෞකාවක් මෙම සති අන්තයේදී appeared first on ITN News.