නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 09ක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස විදුලි අලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 09 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ධීවරයින් සමඟ ඩිංගි යාත්‍රා 05 ක් මෙන්ම නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගත්තා.
මෙවැනි නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදාව දැඩි අවධානයෙන් පසුවනවා.
ධීවරයන් හා අත්අඩංගුවට ගත් ආම්පන්න යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදීමටයි ක්‍රියා කෙරුණේ.
The post නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 09ක් නාවික හමුදා භාරයට appeared first on ITN News.