කුකුල් අසූචි තැවරුණු බිත්තර
කුකුල් අසූචි තැවරුණු බිත්තර ඇතුළු අපිරිසිදු ආහාර අලෙවි කළ වෙලෙදසැල් කිහිපයකට නඩු පැවරීමට කටයුතු කෙරුණා.
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමට කටයුතු කෙරුණා.
ඒ එම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගිනුයි.
හොරණ මොරගහහේන හා පොකුණුවිට ආදී ප්‍ර දේශවල සිදුකළ මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදුන් 11 දෙනෙකුට නඩු පැවරීමට පියවර ගැනුණා.
අපිරිසිදු ආහාර අලෙවිකළ තවත් වෙළෙදසැල් ගණනාවකට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
The post කුකුල් අසූචි තැවරුණු බිත්තර appeared first on ITN News.