එක්ස්ප්රස් පර්ල් නඩුව ගැන දුන් තීන්දුව
එක්ස්ප්‍රස් පර්ල් නඩුව නිශ්ප්‍රභ කරන ලෙස විත්ති පාර්ශවය මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.
එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව නිශ්ප්‍රභ කරන ලෙස එහි විත්ති පාර්ශවය මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරුණා.
ඊට එරෙහිව අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වු සී කොන්සෝටියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමටයි අභියාචනාධිකරණය තීන්දු කළේ.
තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ මුලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමේ දී මහාධිකරණ විනිසුරුවරයා නිවැරදි ආකාරයෙන් කටයුතු කර ඇති බව ද සඳහන් කළා.
The post එක්ස්ප්රස් පර්ල් නඩුව ගැන දුන් තීන්දුව appeared first on ITN News.