TikTok ගැන ඇමරිකාව ගත් තීරණය
ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කළ හැකි පනතක් ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගෙන තිබෙනවා.
ඇමෙරිකාවේ දැවැන්ත සමාජ මාධ්‍ය ජාලයක් වන ටික්ටොක් සමාගමේ මව් සමාගම වන බයිට්ඩාන්ස් වෙත සිය කොටස් විකිණීම සඳහා මාස හයක කාලයක් මේ අනුව ලබා දී තිබෙනවා.
එසේ විකිණීමට අපොහොසත් වුවහොත් එම සමාජ මාධ්‍ය ඇමෙරිකාව තුළ අවහිර කිරීමේ ඉඩකඩක් පවතිනවා.
මෙම පනත සම්මත වුවද එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා ද ඊට අත්සන් තැබිය යුතු වනවා.
ටික්ටොක් සමාජ මාධ්‍ය සඳහා දිගින් දිගටම චීනයේ බලපෑම් එල්ල වන බවටයි චෝදනා එල්ල වි තිබුණේ.
එය 2012 වසරේ දී ආරම්භ වූවක්.
The post TikTok ගැන ඇමරිකාව ගත් තීරණය appeared first on ITN News.