ලහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි
අනුරාධපුර,තිරප්පනය මාර්ගයේ 117 කිලෝ මිටරය ආසන්නයේ පිහිටි පුංචිකුලම ප්‍රදේශයේදී ක්‍රීකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න මහතා ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් සිවු දෙනෙකු තුවාල ලබා අද (14)දින අලුයම රෝහල් ගත කළ බවයි තිරප්පනය පොලිසිය පැවසුවේ.
මෙම අනතුරින් ලහිරු තිරිමාන්න මහතාත් ඔහුගේ මවත් රියදුරාත් තුවාල ලැබු අතර ලොරි රථයේ රියදුරාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
The post ලහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි appeared first on ITN News.