කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 25% දක්වා පහලට
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 25% දක්වා පහලට.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හමුවේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසනවා.
අද දින උදැසන 6 වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 25 කින් පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 23 කින් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශයන් දෙකේම ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැස තිබුණද දෛනික ජල විදුලි උත්පාදනයට දැනට කිසිදු බාධාවක් එල්ල වි නොමැති බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.
The post කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 25% දක්වා පහලට appeared first on ITN News.