පොලිසියේ ලොකු පුටු මාරු වෙයි
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා නව පත්වීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස පත් කර තිබෙනවා.
එම තනතුරේ රාජකාරී කළ එම්.ඩී.ආර්.එස් දමින්ද මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සේවා සහායක ලෙසටයි පත් කර ඇත්තේ.
දකුණු පළාත භාර මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එස්.සී මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස පත් කෙරුණා.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා තනතුරේ කටයුතු කළ ආර්.එල් කොඩිතුවක්කු මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරට පත් කෙරුණා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත්තේ කේ.පී.එම් ගුණරත්න මහතායි.
කේ.වී.ඩී.ඒ.ජේ කරවිට මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන ලෙසට පත් කෙරුණා.
පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට මෙසේ මාරුවීම් හා පත්වීම් ලබාදී තිබෙනවා.
The post පොලිසියේ ලොකු පුටු මාරු වෙයි appeared first on ITN News.