ඊශ්රායල ප්රහාරවලින් පුද්ගලයින් 36 දෙනෙකු මියයයි
නුසෙයිරාට් සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදා ඊයේ රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මියගිය බොහෝ පිරිස දරුවන්.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රෆා නගරයේ සිරවී සිටින මිලියන 1.5ක පමණ පලස්තීනුවන් ඉවත් කිරීමට මේ වන විට සැලැස්මක් අනුමත කර තිබෙනවා.
ඒ අනුවයි ප්‍රහාර ද සැලසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජර්මනිය හා නෙදර්ලන්තය ද දැවැන්ත ප්‍රහාරයක් පිළිබඳ අනතුරු අඟවා තිබුණා.
ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 31,490 ක් මිය ගොස් 73,439 ක් තුවාල ලබා සිටිනවා.
හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.
The post ඊශ්රායල ප්රහාරවලින් පුද්ගලයින් 36 දෙනෙකු මියයයි appeared first on ITN News.