සමාජ නායක නායිකාවන් පිරිසකට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සම්මාන
නුවරඑළිය ප්‍රදේශය තුළ සමාජ සේවා කටයුතුවල නියැලෙමින් සමාජයට මෙහෙවරක් සිදු කරන නායක නායිකාවන් හත් දෙනෙකුට මානව හිමිකම් සුරක්ෂා කිරීම වෙනුවෙන් සම්මාන ලබාදීම මානව හිමිකම් කොමිෂන් සභාවේ මධ්‍යම පළාත් සම්බන්ධීකාරක විරංජන් ඩයස් සුමනසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින නුවරඑළිය මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂක සුනිල් චන්ද්‍රසිරි පතිරණ මහතා , ව්‍යාපාරිකයින් වන එම්.ආර්.එම්.ඉර්ෂාඩ් මහතා , එම්.එස්.එම්.ෆාරුක් මහතා , ජේ.එම්.ජබීර් මහතා , විශ්‍රාමික ගුරු එම්.නවාස් රෆීක් මහතා , එම්.ජේ.එම්.ෆස්ලීම් මහතා , සාමදාන විනිසුරු නාවලගේ පුෂ්පා අයිරාංගනී කුරේ මහත්මිය යන අයට මෙහිදී සම්මාන පිරිනැමුණා.
මෙම සම්මාන උළෙල අන්තර් ජාතික මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ කාර්ය සාධන ස්වේච්ඡා බලකාය විසින් සංවිධානය කර තිබුණි.
FILE NAME – HUMAN RIGHTS PROGRAM
The post සමාජ නායක නායිකාවන් පිරිසකට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සම්මාන appeared first on ITN News.