උඩරට අමරපුර නිකායේ මහ නායක පූජ්ය යාලගමුවේ ධම්මස්සර ස්වාමීන් වහන්සේ අපවත් වෙයි
උඩරට අමරපුර නිකායේ මහ නායක ජපානයේ ටෝකියෝ හචියොජි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ප්‍රධානී පූජ්‍ය යාලගමුවේ ධම්මස්සර ස්වාමීන් වහන්සේ අපවත්වුණා.
උන්වහන්සේගේ දේහය මේ වනවිට සියැන්ටොන් විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර හෙට දිනයේ දී දේහය උන්යුජි විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි.
පූජ්‍ය යාලගමුවේ ධම්මස්සර ස්වාමීන් වහන්සේ ජපානයේ ශෝසන්ජි සකමුනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස කටයුතු කරමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් ඉටුකළා.
ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ විශාල පිරිසක් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා.
උන්වහන්සේගේ දේහය ලබන බදාදා මෙරටට රැගෙන ඒමෙන් පසු පන්නිපිටිය සිරිධම්ම විහාරස්ථානයේ තැන්පත් කෙරෙනවා.
පසුව දේහය වැලිමඩ විහාරයගොඩ පුරාණ රජමහා විහාරයට රැගෙන යාමෙන් පසු ආදාහන පූජෝත්සවය සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.
The post උඩරට අමරපුර නිකායේ මහ නායක පූජ්ය යාලගමුවේ ධම්මස්සර ස්වාමීන් වහන්සේ අපවත් වෙයි appeared first on ITN News.