වන අලි පහරදීමකින් වැල්ලවායේ නිවාස දෙකක් විනාශයි
වන අලි පහරදීමකින් වැල්ලවායේ නිවාස දෙකක් සම්පුර්ණයෙන්ම විනාශ වුණා.
වන අලි තර්ජනය නිසා ප්රදේශවාසීන් පීඩාවට පත්ව සිටිනවා.
වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිතුල්කොටේ ප්රදේශයේ දීයි මෙම වන අලි පහරදීම සිදුව තිබෙන්නේ.
නිවාස දෙකම සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර නිවැසියන්ට කිසිදු හානියක් සිදුවී නැහැ.
ප්රදේශයේ ශක්තිමත් විදුලි වැටක් නොමැති නිසා වන අලීන් මෙලෙස ගම්වදින බවයි ජනතාව පවසන්නේ.
වන අලි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
The post වන අලි පහරදීමකින් වැල්ලවායේ නිවාස දෙකක් විනාශයි appeared first on ITN News.