ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් මාතලේ දී
ජයගමු ශ්රී ලංකා ජංගම සේවාව මාතලේ දී දෙවන දිනටත් අද ක්රියාත්මක වනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කරනවා.
ප්රදේශයේ පදිංචි විදෙස්ගත වූවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් මේ යටතේ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා.
ජයගමු ශ්රී ලංකා ජංගම සේවාව ඊයේ ආරම්භ කෙරුණේ අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙනුයි.
මාතලේ එඩ්වඩ් ක්රීඩාංගනයේ පැවැත්වෙන මෙම ජංගම සේවාවට අදත් විශාල පිරිසක් සහභාගී වී සිටිනවා.
The post ජයගමු ශ්රී ලංකා දෙවන දිනටත් මාතලේ දී appeared first on ITN News.