ලොකු ලූනු අපනයනයට ඉන්දියාව පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කෙරේ
ලොකු ලූනු අපනයනය සඳහා ඉන්දියාව පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ලොකු ලූනු මිල පාලනය කිරීම සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණෙන් එම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය රජය ප්රකාශ කර ඇත්තේ.
පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය ලොකු ලූනු අපනයනය තහනම් කළා.
එය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ පසුබිමකයි එය යළි දීර්ඝ කර තිබෙන්නේ.
ලෝකයේ වැඩිම ලොකු ලූනු අපනයනකරු වන්නේ ඉන්දියාවයි.
The post ලොකු ලූනු අපනයනයට ඉන්දියාව පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කෙරේ appeared first on ITN News.