බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 418ක් රැස් කළා.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ ශ්රී ලංකා නවක ක්රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කළේය.
හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමග කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් රැස්කරගත්තේය.
නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ ධනංජය ද සිල්වා අද සිය 12 වන ටෙස්ට් ශතකය රැස්කරගැනීමට සමත්විය.
ඒ අනුව මෙම තරගය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හිමව තිබෙනවා.
The post බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් appeared first on ITN News.