මෛත්රීපාල සිරිසේන CIDයට කළ ප්රකශ ගැන පලවන බොරු හෙලා දකිනවා – දුෂ්මන්ත මිත්රපාල
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පාස්කු ප්රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශයන් බව සදහන් කරමින් අසත්ය තොරතුරු සාමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන ලේකම් දුෂ්මන්ත මිත්රපාල මහතා පවසනවා.
මාධ්ය වෙත නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රධාන ලේකම්වරයා සදහන්කර සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට කරන ලද දැනුම්දීමකට අනුව ඊයේ දිනයේ දී ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්රකාශයක් ලබාදුන් බවයි.
ඒ අනුව එම ප්රකාශයේ අන්තර්ගතය සම්බන්ධයෙන් ඇතැම් ප්රධාන මාධ්ය යන්ගේ සහ සමාජ මාධ්යයන් තුළ නොයෙකුත් ආකාරයේ අසත්ය හා විකෘති තොරතුරු පලවන බව ඔහු එම නිවේදනයෙන් සදහන් කර සිටිනවා.
එබදු සාවද්ය තොරතුරු පදනම් කරගෙන පක්ෂයේ සභාපතිවරයා සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය අපකීර්තියට පත් කිරීමේ උත්සාහයන් හා සැළසුම් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව එම මාධ්ය නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
මේ අතර පොලිස් මාධ්ය ප්රකාශකවරයාගේ ප්රධානත්වයෙන් අද පැවති මාධය හමුවකදී ද මේ සම්බන්ධයෙන් ප්රශ්න කෙරුණා.
The post මෛත්රීපාල සිරිසේන CIDයට කළ ප්රකශ ගැන පලවන බොරු හෙලා දකිනවා – දුෂ්මන්ත මිත්රපාල appeared first on ITN News.