ඇත්දල සමඟ 11ක් කොටු වෙයි
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ යුද හමුදා නිලධාරීන් පිරිසක් එක්ව වැල්ලවාය පොලිස් බල ප්රදේශයේ හදිසී වැටලීමක් සිදු කර තිබෙනවා.
එම වැටලීමේදී ඇත් දල සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු වැල්ලවාය හදපානාගල ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අදාල ඇත්දළ කුඩා කැබලි වලට සකස් කර සන්තකයේ තබාගෙන සිට ඇත.
ඊට අමතරව සැකකරු සන්තකයේ තිබී ඉපැරැණි පිහියක් ද සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු ප්රදේශයේ මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ ප්රධාන සැකකරුවෙකු බවයි පොලීසිය ප්රකාශඔ කළේ.
වැටලීමේ දී විවිධ වැරදි සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දස දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්
වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.
The post ඇත්දල සමඟ 11ක් කොටු වෙයි appeared first on ITN News.